2026 ජූනි 24 – 2026 නොවැම්බර් 8
බ්‍රහස්පතින්දා–ඉරිදා,
පෙ.ව. 10.30–ප.ව. 5.30 විවෘතව තැබේ.
ඇතුළුවීම නොමිලේ
The Bawa Space,
42/1, හෝර්ටන් පෙදෙස, කොළඹ 07
මෙය අකුරුවලට ආදරය කරන, අකුරු ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම වෙන්වූ ප්‍රදර්ශනයකි. අපේ අකුරුවල ඇති සැබෑ සෞන්‍දර්යය දැකීමට, ඒවා පැමිණි දීර්ඝ ගමන් මඟ වටහා ගැනීමට සහ ඒවායේ තාක්‍ෂණික ඉදිරි ගමන්මඟ කුමක්දැයි හඳුනා ගැනීමට නම්, අප ඒවා දෙස බැලිය යුත්තේ හුදෙක් වචන කියවීමේ සාම්ප්‍රදායික සීමාවන් ගෙන් ඔබ්බට යමිනි. අකුරක හැඩය මවන රේඛාවල ගලායාම සහ ඒ රේඛා වටා ඇති හිස් අවකාශය දෙස මොහොතකට බලා, "මෙය මෙසේ වූයේ ඇයි?" කියා අප අපගෙන්ම විමසන්නේ නම්… යම් වචනයක් දෙස බලා, "මෙය ලීවේ කවුද? ඇන්‍දේ කවුද? නැතහොත් නිර්මාණය කළේ කවුද? කියා මොහොතකට සිතන්නේ නම්, ඒ සෑම අකුරු හැඩයක්ම තමන් සතු රහස් කතන්‍දර අප ඉදිරියේ දිගහැරීමට පටන් ගනු ඇත.
කොළඹ කේන්‍ද්‍ර කරගත් මූනියැක් නිර්මාණ සහ අක්‍ෂරාගාරය විසින් ඉදිරිපත් කරන ‘අකුරුකියනකතා’ ප්‍රදර්ශනය දිගහැරෙන්නේ ඒ අත්දැකීම ඔබට තිළිණ කිරීමේ අරමුණෙනි. සිංහල, දෙමළ සහ ලතින්-ඉංග්‍රීසි අකුරු හැඩතල පිළිබඳ, පසුගිය දශකය පුරා සිදුකළ පර්යේෂණ, ගවේෂණ, නිර්මාණ සහ මෘදුකාංග සංවර්ධන කාර්යයන් මෙහිදී ඔබට දැකගැනීමේ අවස්ථාව හිමි වේ.
අපේ ලේඛන කලාව යනු කාලය සහ අවකාශය හරහා මිනිස් සිතිවිලි සහ දැනුම ඉදිරියට රැගෙන යන සන්නිවේදනයේ සංස්කෘතික මාවතයි. අකුරු හැඩතල යනු හුදෙක් සලකුණු නොවේ, ඒවා අප කවුද යන්න ලොවට කියාපාන සුවිශේෂී සංස්කෘතික උරුමයන් සහ අපේ අනන්‍යතාව නියෝජනය කරන රූපමය සංකේතයන්ය. වත්මන් තාක්‍ෂණ ලෝකයේ අකුරු පණ ලබන්නේ ඩිජිටල් අකුරු නැතහොත් ෆොන්ට් හරහායි. ෆොන්ට් නිර්මාණය ඇතුළු අකුරුවල රූපමය ගුණය හා බැඳුණු කලාව වන ටෛපොග්‍රැෆි1 යනු ඉතිහාසයත්, සෞන්‍දර්යයත්, ලේඛන පද්ධති සහ භාෂා රිද්මයත්, ප්‍රමිතිකරණය සහ තාක්‍ෂණයත් යන සියල්ල එකට මුසු වන ක්‍ෂේත්‍රයකි. අපේ ලියන බස ලෝකය පුරා සංසරණය වන්නේ සහ එහි ජීව ගුණ රඳා පවතින්නේ ඒ තුළ ඇති නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි. අපේ භාෂාවන්ට ඩිජිටල් අවකාශයේ නිසි තැනක් උරුම කරදීම පොදුවේ අප සියලු දෙනා සතු වගකීම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන එක් සෞන්‍දර්යාත්මක ඉසව්වකි, ‘අකුරුකියනකතා’.
කොළඹ කේන්‍ද්‍ර කරගත් මූනියැක් නිර්මාණ සහ අක්‍ෂරාගාරය, ලංකාවේ අක්‍ෂර නිර්මාණ කලාව, ඩිජිටල් තාක්‍ෂණය, ෆොන්ට් නිර්මාණකරණය ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් ඔස්සේ විහිදුණු පුළුල් ව්‍යාපෘතියකි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එකම හැඩයකට ගැලපෙන, අලංකාර අකුරු මෝස්තර රැසක් ෆොන්ට්ස් ලෙස මූනියැක් විසින් නිකුත් කොට ඇත. මින් බොහෝමයක් ‘නිදහස් හා විවෘත මෘදුකාංග' (Libre/Open-source) ලෙස අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය. මීට අමතරව, සන්නාම සඳහා අනන්‍ය වූ අකුරු, ලෝගෝ සහ සඟරා මෙන්ම පොත්පිටු සැලසුම්කරණ කටයුතුවලටද මූනියැක් සිය දායකත්වය ලබා දී ඇත. ලංකාවේ අකුරුවලට, අකුරු සිතුවම් කලාවට ආදරය කරන විශාල පිරිසක් ඒකරාශී කරගනිමින්, දේශීය මෙන්ම විදේශීය නිර්මාණකරුවන්ගේත් සහයෝගයෙන් අපේ සංස්කෘතියේ 'දෘශ්‍ය අනන්‍යතාවය' යාවත්කාලීන කිරීමට ගෙවුණු දශකය පුරා මූනියැක් කටයුතු කරනු ලැබීය. ඔබ ලෝකයේ කොතැනක හිටියත් අපේ අකුරක හැඩය ඇස ගැටෙන මොහොතේ දැනෙන අපේකමේ හැඟීම, අභිමානය, ඩිජිටල් අවකාශය තුළ ගොඩනඟන්නට දායක වීම මූනියැක් අපේ උත්සාහයයි.
Exhibition Team
Curators Pathum Egodawatta, Kosala Senevirathne, and Rajitha Manamperi
Exhibition design Ibraheem Wazil, Kosala Senevirathne, Rajitha Manamperi, and Thilini Perera
Exhibition manager Sareena Hussain
Exhibition, production and management
Geoffrey Bawa Trust
Aneesha Mustachi, Faazath Uvais, Micheal George, Nasla Yoosuf, Raeesah Samsudeen, Shameema Hassan, Shanika Perera, Sujeewa Bandara
Mooniak
Prabhashana Hasthidhara
Albion press restoration Sajaan Peiris
Software development and digital interfaces Pathum Egodawatta, Rajitha Manamperi with Leafycode International
Writers and translations Katie Jacobs, Damith Welikala, King Rutnam, Rachintha Jayawardhana, Varuon Thushyanthan, Pathum Egodawatta
Installation Align Works, Anim8, Kamal Sanjiwal, La Creations, Yashara Wickramasurendra, Signboard Lanka Pvt Ltd
Mural and sign painting Colombo Wall with Kavindu Abeysundera
Collaborators and contributors W A Silva Museum, Sri Siddhartha Palm Leaf Manuscript Study & Research Institute, Typotheque, Nadun Edirisinghe