Back to All Events

නිහාල් පෙරේරා සහ කෝසල සෙනෙවිරත්න සමඟ අක්ෂර, අවකාශය, හා යටත්විජිතහරණය | Letterforms, Space and Decolonisation with Nihal Perera and Kosala Senevirathne

  • Geoffrey Bawa Trust 11 33rd Ln Colombo, WP, 00300 Sri Lanka (map)

සමකාලීන අවකාශයක් වන කොළඹත්, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවත් මූලික වශයෙන් යුරෝපීය යටත්විජිත නිෂ්පාදනයකි. මෙයට සමාන්තර වූ ඉතිහාසයක් අක්ෂර තුළ ද ගැබ්ව පවතී; අප අකුරු භාවිතා කරන ආකාරය, ලේඛනයේ අරමුණු සහ අප භාවිතා කරන ඩිජිටල් අකුරු හැඩතල (digital fonts) පවා යටත්විජිතකරණයේ කැළැල් දරා සිටියි. අප භෞතික අවකාශයන් තුළ සැරිසරන්නාක් මෙන්ම, භාෂාව හරහා ද අවකාශය පරිහරණය කරනු ලබයි. අපගේ අක්ෂර මාලාව හුදු සන්නිවේදනයට ඔබ්බෙන්, නොකඩවා සිදුකෙරෙන නිර්මාණයන්, ප්‍රතිනිෂ්පාදනයන් සහ නැවත අර්ථ දැක්වීම් හරහා සමාජය, දැනුම සහ තාක්ෂණයේ සිදුවන වෙනස්කම්වල කොටසක් ලෙස ඉදිරියට යයි. මිනිසුන් යම් භාෂාවක් උරුම කරගන්නවාට වඩා වැඩි යමක් කරමින්, නවීන අවශ්‍යතා සඳහා එය සක්‍රීයව ප්‍රතිනිර්මාණය කරති. මෙම වැඩසටහන මගින් අක්ෂර නිර්මාණ ශිල්පය තුළ ඇති ඓතිහාසික යටත්විජිත බලපෑම් සහ 'අකුරු' යටත්විජිතහරණය (decolonise) කිරීමේ සමකාලීන ක්‍රියාකාරීත්වයන් පිළිබඳව සාකච්ඡා කරනු ඇත.


මහාචාර්ය නිහාල් පෙරේරා යනු "පශ්චාත්-යටත්විජිත නගර නිර්මාණවේදය" (post-colonial urbanism) සඳහා දැක්වූ බලපෑම්සහගත දායකත්වය වෙනුවෙන් පුළුල් ලෙස ඇගයීමට ලක්වූ, කොළඹ සහ ආසියානු නගර නිර්මාණවේදය පිළිබඳ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි. ඔහුගේ පර්යේෂණ මගින් සාමාන්‍ය ජනයා තම වටපිටාව අත්පත් කරගනිමින් සහ නැවත අර්ථ දක්වමින් සමාජීය අවකාශය සක්‍රීයව හැඩගස්වන ආකාරය - එනම් ඔවුන් වෙනසෙහි නියමුවන් ලෙස ක්‍රියා කරන ආකාරය පෙන්වා දීමට ආසියානු අත්දැකීම් සිද්ධාන්තගත කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ බෝල් ස්ටේට් විශ්වවිද්‍යාලය (Ball State University) පදනම් කරගෙන කටයුතු කරන මහාචාර්ය පෙරේරා, මේ වන විට බටහිර ආධිපත්‍යයෙන් ඔබ්බට ගිය විකල්ප අධ්‍යාපනික ක්‍රමවේදයන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, සිංහල මාධ්‍යයෙන් මෙහෙයවනු ලබන විශේෂිත අධ්‍යයන පාඨමාලා පවත්වනු ලබයි.

කෝසල සෙනෙවිරත්න යනු වෘත්තීය අක්‍ෂර නිර්මාණ ශිල්පියෙකි (type designer). සිංහල අක්‍ෂර මූලිකව නිර්මාණකරණයේ නියුතුව සිටින කෝසලගේ නිර්මාණ කාර්යයන්, අක්‍ෂර රටා නිර්මාණය (typeface design), අක්‍ෂර හා බැඳුනු පර්යේෂණ (typographic research) සහ බහු-භාෂා ප්‍රකාශන සැලසුම්කරණය (multiscript editorial design) දක්වා වූ පරාසයක විහිදේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් අතර පවතින දෘශ්‍යමය සන්නිවේදන පරතරයන් පියවීම සඳහා උනන්දුවකින් කටයුතු කරන ඔහු ඒ වෙනුවෙන් තම නිර්මාණ හරහා මැදිහත්වීම් කරමින් සිටියි. ගෝලීයකරණය හමුවේ දේශීය භාෂාවන්හි නිවැරදි හා සාධාරණ නියෝජනය වෙනුවෙන් පෙනී සිටින ඔහු, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඒකාබද්ධ කෙරෙන අක්‍ෂර රටා නිර්මාණය කිරීමේ ගෝලීය වැඩසටහන් සඳහා සිය දායකත්වය සපයයි. ඔහු කොළඹ මූලිකව ක්‍රියාත්මක වන ‘මූනියැක්’ අක්‍ෂර නිර්මාණ ආයතනයේ සම-ආරම්භකයෙකි.


Contemporary spaces like Colombo and greater Sri Lanka were deeply shaped by European colonial rule. A parallel history exists within typography: the way we use akuru (letters), our purposes for writing, and even the digital fonts we use all bear the scars of a colonial break. Just as we navigate physical spaces, we inhabit language. We use our alphabet not just for passive communication, but as an active tool to keep up with shifts in society, knowledge, and technology through continuous redesign, reproduction, and redefinition. Far from just inheriting a language, people actively reinvent it for modern needs. This session will explore the historic colonial fractures in typography and the contemporary movement to decolonise akuru.

Please note that this talk will be primarily in Sinhala, but English-speaking audience members are also welcome.


Professor Nihal Perera is a leading scholar of Colombo and Asian urbanism, widely recognised for his foundational contributions to “post-colonial urbanism.” His research theorises the Asian experience to show how ordinary people act as agents of change—actively shaping social space by occupying and redefining the environments around them. Based at Ball State University (USA), Professor Perera currently focuses on developing alternative pedagogies beyond Western hegemony, teaching specialised, off-the-grid courses conducted in Sinhala.

Kosala Senevirathne is a type designer from Sri Lanka with a focus on his native script, Sinhala. His practice spans typeface design, typographic research, and multiscript editorial design, guided by a commitment to bridging communication gaps among Sri Lanka’s official languages. Rooted in the principle of inclusive communication, his work advocates for local language equity amidst rapid globalisation. Kosala has collaborated on global initiatives developing typefaces that integrate Sinhala, Tamil, and English, enabling smoother publishing and design workflows for Lankan typographic needs. He is also a co-founder of Mooniak, a type foundry operating at the intersection of culture, typography, and identity.

Previous
Previous
November 17

Driving Co-existence: Infrastructure and Policy for Connected Landscapes with Dr Ramesh Kumar Pandey

Next
Next
November 21

Sinhala Akurugraphy Exhibition Tour and Albion Press Demonstration