ජෙෆ්රි බාවා මූණමල් සම්මානය
ගොඩනංවන ලද පරිසර තත්ව
මූණමල් සම්මානය වෙනුවෙන් Built Environment යන ප්‍රවර්ගය විසින්, වාස්තු විද්‍යාව, නාගරික සැලසුම්කරණය, භූ දර්ශන නිර්මාණය, යටිතල පහසුකම් ඉදිකිරීමේ සැලසුම් යන ක්ෂේත්‍රවලින් සහ භූමියේ ගොඩනගන ලද වෙනත් ඕනෑම නිර්මිතයකින් අයදුම්පත් කැඳවනු ලැබේ.
විෂය පථය
සියලු ජීවී ස්වරූපයන් සහ භූ දර්ශන ඔස්සේ සහජීවනය ක්‍රියාත්මක කරවමින්, පාරිසරික හායනය නවතා පෙර තිබූ තත්වයට පත්කරවීමට සහ ස්වාභාවික පරිසර පද්ධති යළි බිහිකිරීමට හැකියාව ඇති සැලසුම් අගයමින්, හැකි උපරිම ආකාරයෙන් විශිෂ්ටත්වය හඳුනාගැනීමට, ගොඩනංවන ලද පරිසර තත්ව සඳහා වන මූණමල් සම්මානය (The Moonamal Award for the Built Environment) උත්සාහ කරනු ඇත. වාස්තු විද්‍යාව, නාගරික සැලසුම්කරණය, භූ දර්ශන නිර්මාණය, යටිතල පහසුකම් ඉදිකිරීම් යන කේෂ්ත්‍රවලට හෝ භූමියේ ගොඩනගන ලද වෙනත් ඕනෑම නිර්මිතයකට මේ සඳහා අයදුම්පත් යොමුකළ හැකිය. නාගරික සහ ග්‍රාමීය වශයෙන් වන සියලුම ආකාරයේ ව්‍යාපෘති මීට ඉදිරිපත් කළහැකිය. ඒවා කේවල ව්‍යුහයන් හෝ සංකීර්ණ ව්‍යුහයන් සහිත සැලසුම් විය හැකිය; එනම්, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආගමික හා සංස්කෘතික භාවිතයන් වෙනුවෙන් යොදාගත් ආයතන, නාගරික සැලසුම් හෝ නව නගර, කර්මාන්ත සඳහා භාවිත කර අතහැර දැමූ, යළි ප්‍රයෝජනයට ගත් ඉඩම් සහ යළි භාවිත කළ හැකි ව්‍යාපෘති ඇතුළු පෞද්ගලික, පොදු සහ ආයතනික මට්ටමේ ව්‍යාපෘති විය හැකිය. ඒවා, මහා මාර්ග, ඇළ මාර්ග, වේලි, පාලම්, උද්‍යාන, ජල සැපයුම් සහ ජලාපවහන පද්ධති, බලශක්ති සැපයුම් පද්ධති, වරාය ඇතුළු යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති විය හැකිය. නිර්මාණ සැලසුම් කිරීමට සහ ඒවායේ විවිධ භාවිතයන් වෙනුවෙන් බහුවිධ ක්ෂේත්‍රවල ප්‍රවේශ දිරිගැන්වීමට අපි කැමැත්තෙමු. ව්‍යාපෘතියේ වර්ගය, පරිමාණය, පිරිවැය හෝ එය පිහිටා ඇති ස්ථානය සම්බන්ධව කිසිදු සීමා නිර්ණායක නොමැති අතර, ශ්‍රී ලංකාව තුළ පවතින, සුදුසුකම් සහිත ඕනෑම ව්‍යාපෘතියකට මේ සඳහා අවසර ඇත.
සුදුසුකම්
සම්මානයට සලකාබැලීම වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා, අදාළ ව්‍යාපෘතිය මෙරට ස්ථාපිතව තිබිය යුතු අතර, ව්‍යාපෘති කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස අවම වශයෙන් එක් ප්‍රධාන ශ්‍රී ලාංකේය නියෝජිතයෙකු හෝ සම-ප්‍රධානියෙකු සිටිය යුතුය.
පරිමාණය සහ විෂය ක්ෂේත්‍රය කුමක් වුවත්, ඉදිරිපත් කරන සියලු ව්‍යාපෘති මූණමල් සම්මානයේ (Moonamal Award) මූලික සැලසුම් මූලධර්ම සමඟ අත්‍යන්තයෙන් බැඳී සිටින සහ අර්ථාන්විතව සහසම්බන්ධ වූ නිරූපණයක් විය යුතුය.
අදාළ ව්‍යාපෘති 2015 අගෝස්තු 1 සහ 2025 ජූලි 31 අතර කාලය තුළ සම්පූර්ණයෙන් නිම කර හෝ ක්‍රියාවට නංවා තිබිය යුතු අතර, 2026 අගෝස්තු 1 වැනි දිනට පෙර අවම වශයෙන් වසරක කාලයක් සක්‍රීයව පැවතිය යුතුය.
ව්‍යාපෘතියට අදාළ ආයතන, ප්‍රධාන සැලසුම්කරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු ඕනෑම පුද්ගලයෙකුට ව්‍යාපෘතිය ඉදිරිපත් කළ හැකිය. ජෙෆ්රි බාවා භාරයේ (Geoffrey Bawa Trust) භාරකරුවෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට, මෙහෙයුම් කමිටු සාමාජිකයෙකුට, සම්මාන සම්බන්ධව විනිශ්චය කටයුතු සිදුකරන විනිසුරුවරයෙකුට හෝ තාක්ෂණික සමාලෝචන කමිටු සාමාජිකයෙකුට තමන්ගේ හෝ තමන් නියෝජනය කරන කමිටුවේ නිර්මිතයක් වූ ව්‍යාපෘති මේ සඳහා ඉදිරිපත් කළ නොහැකිය.
අයදුම් කරන ආකාරය
සම්මානය වෙනුවෙන් වන සියලු අයදුම්පත් online submissions portal හරහා ඉදිරිපත් කළයුතුය. මෙහිදී සිතියම්, සැලසුම්, ඡායාරූප සහ අවශ්‍ය කරන වෙනත් ඕනෑම අතිරේක යමක් සමග අයදුම්පත භාරදීම සිදුකළ හැකිය. අපේක්ෂකයෙකුට online ක්‍රමයට අයදුම්පතක් ඉදිරිපත් කළ නොහැකි නම්, එය භෞතිකව ලබාදීම සඳහා awards@geoffreybawa.org නම් email ලිපිනයෙන් සම්මාන භාරව කටයුතු කරන කාර්ය මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය. අයදුම්පත භාරදීමට පෙර, කරුණාකර පහත දැක්වෙන අයදුම්පත් සඳහා වන උපදෙස් මාලාව(Applications Guidelines) කියවා බලන්න. සම්මානය සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කරනු කැමති අයදුම්කරුවන්, එක් අයදුම්පතකට එක් ව්‍යාපෘතිය බැගින් ඉදිරිපත් කළයුතුය. අප වෙත භාරදෙනු ලබන ඡායාරූප, චිත්‍ර සහ වෙනත් දෑ සම්මාන ලේඛන සංරක්ෂණාගාරයේ තබාගන්නා බව සලකන්න.
විනිශ්චය කිරීමේ ක්‍රියාපටිපාටිය
පළමු අදියරේ දී, විනිශ්චය මණ්ඩලය විසින් මූලික අයදුම්පත් කෙටි ලැයිස්තුගත කරනු ලැබේ.
සියලු ව්‍යාපෘතිවලට එක හා සමාන වැදගත්කමක් ලබාදීම සඳහා සහ විනිශ්චය මණ්ඩලයේ විමසුම් කටයුතු පහසු කිරීම සඳහා, සෑම ව්‍යාපෘතියක්ම ප්‍රමිතිගත ආකෘතියකට සැකසීම සිදුවේ. ජෙෆ්රි බාවා මූණමල් සම්මාන (Geoffrey Bawa Moonamal Award) සම්බන්ධයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය විසින් අයදුම්කරු ලබාදුන් දෑ උපයෝගී කරගනිමින් අදාළ ඉදිරිපත් කිරීමේ ලිපි ගොනුවක් (presentation portfolios) සකස් කරනු ඇත. කාර්ය මණ්ඩලය විසින් එක් එක් ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කර ඇති ලිපි ලේඛන ඇතුළු සියලුම දෑ පරීක්ෂා කර, විමසා බලන අතර අවශ්‍ය වුවහොත් මදිපාඩු තොරතුරු ලබාගැනීමේ උවමනාව මත අයදුම්කරු හා සම්බන්ධ වනු ඇත.
පසුව මෙම කෙටිලැයිස්තුගත අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව, විද්‍යුත් සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත්කරනු ලැබේ.
තාක්ෂණික සමාලෝචන කමිටුව විසින්, කෙටි ලැයිස්තුගත වූ ගොඩනැගිලි ව්‍යාපෘති පිළිබඳ තාක්ෂණික සමාලෝචනයක්(technical review) සිදුකරනු ඇති අතර, අවසන් විනිශ්චය ලබාදීමට පෙර එම වාර්තාව විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත. විනිශ්චය මණ්ඩලයේ අවසන් තීරණය 2027 ජූලි 23 වන දින ප්‍රකාශනයට පත්කෙරේ. එය මූණමල් සම්මානය සම්බන්ධ අවසාන තීරණය වනු ඇත.
අයදුම්පත් සඳහා වන උපදෙස් මාලාව – ගොඩනංවන ලද පරිසර තත්ව
මූණමල් සම්මානය සඳහා වන අයදුම්පත කොටස් හතරකින් යුක්ත වේ. ඒ, ප්‍රතිපත්ති විස්තර, ප්‍රතිපත්තියේ බලපෑම, අතිරේඛ ද්‍රව්‍ය/ලේඛන සහ ප්‍රකාශනය වශයෙනි. අයදුම්පත් සඳහා වන උපදෙස් මාලාව මගින් ඒ එක් එක් කොටස පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කරනු ලබන අතර, online අයදුම්පතට අවශ්‍ය විස්තර ඇතුළත් කිරීමට අයදුම්කරුවන්ට සහය වීම එහි අරමුණයි.
සියලු විස්තර නිවැරදිව ඇතුළත් කර ඇති බව සහතික කරගැනීම සඳහා, online අයදුම්පත පිරවීමට පෙර කරුණාකර මෙම උපදෙස් මාලාව හොඳින් කියවන්න.