ජෙෆ්රි බාවා මූණමල් සම්මානය
රාජ්‍ය ප්‍රතිපත්ති
Built environment නම් ප්‍රවර්ගයට අනුගතව පරිසර තත්ව සැලසුම් කිරීමට ඉඩ පහසුව සලසන ජාතික සහ පළාත් මට්ටමේ නීති සම්පාදනය, ජාතික ප්‍රතිපත්ති, රෙගුලාසි, ක්‍රියාකාරී සැලසුම්, වැඩරාමු සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ ඕනෑම ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති අංශය විසින් අයදුම්පත් කැඳවනු ලැබේ
විෂය පථය
රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා වන මූණමල් සම්මානය (Moonamal Award for Public Policy), හැකි උපරිම අර්ථයෙන් විශිෂ්ටත්වය ඇගයීම අරමුණු කරගෙන ඇත. එනම්, මිනිසුන් සහ පරිසරය අතර සහජීවනය ප්‍රවර්ධනය කරන ආකාරයේ නිර්මාණ සැලසුම්වලට මගපාදන ප්‍රතිපත්තිවල ශක්‍යතාව මෙහිදී අගය කරනු ඇත. ජාතික, පළාත්, දිස්ත්‍රික්ක හෝ නාගරික මට්ටමේ ඕනෑම විෂය පථයක ප්‍රතිපත්ති මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ජාතික සහ පළාත් පාලන මට්ටමේ නීති සම්පාදනය, සැලසුම්, උපායමාර්ග සහ ක්‍රියාමාර්ග සැලසුම් ඇතුළු ඕනෑම මට්ටමක හෝ පරිමාණයක නිර්මාණ සැලසුම්කරණයට බලපෑම්කරන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහිදී සලකා බලනු ඇත. පාරිසරික මූලධර්මවලට අනුගත වූ නිර්මාණ සැලසුම් නියාමනය කරන, නොඑසේ නම්, මෙම සම්මානයේ මූලික මූලධර්ම මනාව නිරූපණය කරන නිර්මාණ රාමු සැකසීමේ සහ නන්විධ බලපෑම් ඇතිකිරීමේ සමත් ප්‍රතිපත්ති ඉදිරිපත්කිරීම් දිරිගැන්වීමට අපි බැඳීසිටිමු. ව්‍යාපෘතියේ වර්ගය, පරිමාණය, පිරිවැය හෝ එය පිහිටා ඇති ස්ථානය සම්බන්ධව කිසිදු සීමා නිර්ණායක නොමැති අතර, ශ්‍රී ලංකාව තුළ පවතින, සුදුසුකම් සහිත ඕනෑම ව්‍යාපෘතියකට මේ සඳහා අවසර ඇත.
සුදුසුකම්
පාරිසරික සහජීවනය වෙනුවෙන් පහසුකම් සලසන ව්‍යාපෘති නිර්මාණය සඳහා බලපෑම් කරනු ලබන සහ මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ජාතික සහ පළාත් පාලන නීති, ප්‍රතිපත්ති, සැලසුම්, උපාය මාර්ග, ක්‍රියාමාර්ග සැලසුම් සහ නියාමන රාමු, (භාවිතයේ පහසුව සඳහා මෙතැන් සිට ඒ සියල්ල "ප්‍රතිපත්තිය" ලෙසින් හඳුන්වනු ලැබේ) මෙම සම්මානය වෙනුවෙන් සලකාබැලීමට සුදුසු වේ.
පරිමාණය සහ විෂය ක්ෂේත්‍රය කුමක් වුවත්, ඉදිරිපත් කරන සියලු ව්‍යාපෘති මූණමල් සම්මානයේ (Moonamal Award) මූලික සැලසුම් මූලධර්ම සමඟ අත්‍යන්තයෙන් බැඳී සිටින සහ අර්ථාන්විතව සහසම්බන්ධ වූ නිරූපණයක් විය යුතුය.
ප්‍රතිපත්තිමය විසඳුම් 2016 අගෝස්තු 1 සහ 2026 ජූලි 31 අතර කාලය තුළ බලාත්මකව හෝ වලංගුව තිබිය යුතුය. 2016 අගෝස්තු 1 වන දිනට පෙර බලාත්මක වූ ප්‍රතිපත්ති මේ සඳහා සුදුසුකම් නොලබනු ඇත.
අයදුම්පත් ඉදිරිපත් කළයුත්තේ අදාළ ප්‍රතිපත්තිය වෙනුවෙන් වගකීම දරන ප්‍රධාන ආයතනයේ (ආයතනවල) සාමාජිකයින් විසිනි. ජෙෆ්රි බාවා භාරයේ (Geoffrey Bawa Trust) භාරකරුවෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට, මෙහෙයුම් කමිටු සාමාජිකයෙකුට, සම්මාන සම්බන්ධව විනිශ්චය කටයුතු සිදුකරන විනිසුරුවරයෙකුට හෝ තාක්ෂණික සමාලෝචන කමිටු සාමාජිකයෙකුට තමන්ගේ හෝ තමන් නියෝජනය කරන කමිටුවේ නිර්මිතයක් වූ ව්‍යාපෘති මේ සඳහා ඉදිරිපත් කළ නොහැකිය.
අයදුම් කරන ආකාරය
සම්මානය වෙනුවෙන් වන සියලු අයදුම්පත් online submissions portal හරහා ඉදිරිපත් කළයුතුය. අයදුම්පතක් ඉදිරිපත් කිරීම මෙන්ම, ප්‍රතිපත්තියේ සැලසුම, එය ක්‍රියාත්මක කිරීම සහ එහි ඵලදායීතාව තහවුරු කර පෙන්වීමට හැකි ආකාරයේ සුදුසුකම් සහිත අතිරේඛ ද්‍රව්‍ය ඉදිරිපත් කිරීම ද මෙයට අදාළ වේ.
අපේක්ෂකයෙකුට online ක්‍රමයට අයදුම්පතක් ඉදිරිපත් කළ නොහැකි නම්, එය භෞතිකව ලබාදීම සඳහා awards@geoffreybawa.org නම් email ලිපිනයෙන් සම්මාන භාරව කටයුතු කරන කාර්ය මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.
අයදුම්පත භාරදීමට පෙර, කරුණාකර පහත දැක්වෙන අයදුම්පත් සඳහා වන උපදෙස් මාලාව(Applications Guidelines) කියවා බලන්න. සම්මානය සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කරනු කැමති අයදුම්කරුවන්, එක් අයදුම්පතකට එක් ව්‍යාපෘතිය බැගින් ඉදිරිපත් කළයුතුය. අප වෙත ඉදිරිපත් කරන වෙනත් අතිරේඛ දෑ සම්මාන ලේඛන සංරක්ෂණාගාරයේ තබාගන්නා බව සලකන්න.
විනිශ්චය කිරීමේ ක්‍රියාපටිපාටිය
පළමු අදියරේ දී, විනිශ්චය මණ්ඩලය විසින් මූලික අයදුම්පත් කෙටි ලැයිස්තුගත කරනු ලැබේ.
සියලු ව්‍යාපෘතිවලට එක හා සමාන වැදගත්කමක් ලබාදීම සඳහා සහ විනිශ්චය මණ්ඩලයේ විමසුම් කටයුතු පහසු කිරීම සඳහා, සෑම ව්‍යාපෘතියක්ම ප්‍රමිතිගත ආකෘතියකට සැකසීම සිදුවේ. ජෙෆ්රි බාවා මූණමල් සම්මාන (Geoffrey Bawa Moonamal Award) සම්බන්ධයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය විසින් අයදුම්කරු ලබාදුන් දෑ උපයෝගී කරගනිමින් අදාළ ඉදිරිපත් කිරීමේ ලිපි ගොනුවක් (presentation portfolios) සකස් කරනු ඇත. කාර්ය මණ්ඩලය විසින් එක් එක් ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කර ඇති ලිපි ලේඛන ඇතුළු සියලුම දෑ පරීක්ෂා කර, විමසා බලන අතර අවශ්‍ය වුවහොත් මදිපාඩු තොරතුරු ලබාගැනීමේ උවමනාව මත අයදුම්කරු හා සම්බන්ධ වනු ඇත.
පසුව, මෙම කෙටිලැයිස්තුගත අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව, විද්‍යුත් සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත්කරනු ලැබේ.
සමාලෝචන කමිටුව විසින්, කෙටි ලැයිස්තුගත අයදුම්පත් පිළිබඳ සමාලෝචනයක් සිදුකරනු ඇති අතර, අවසන් විනිශ්චය ලබාදීමට පෙර එම වාර්තාව විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත. විනිශ්චය මණ්ඩලයේ අවසන් තීරණය 2027 ජූලි 23 වන දින ප්‍රකාශනයට පත්කෙරේ. එය මූණමල් සම්මානය සම්බන්ධ අවසාන තීරණය වනු ඇත.
අයදුම්පත් සඳහා වන උපදෙස් මාලාව - රාජ්‍ය ප්‍රතිපත්ති
මූණමල් සම්මානය සඳහා වන අයදුම්පත කොටස් හතරකින් යුක්ත වේ. ඒ, ප්‍රතිපත්ති විස්තර, ප්‍රතිපත්තියේ බලපෑම, සහායක ලේඛන සහ ප්‍රකාශනය වශයෙනි. අයදුම්පත් සඳහා වන උපදෙස් මාලාව(application guide) මගින් ඒ එක් එක් කොටස පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කරනු ලබන අතර, එහි අරමුණ වන්නේ, online අයදුම්පතට අවශ්‍ය විස්තර ඇතුළත් කිරීමට අයදුම්කරුවන්ට සහය වීමයි. සියලු විස්තර නිවැරදිව ඇතුළත් කර ඇති බව සහතික කරගැනීම සඳහා, online අයදුම්පත පිරවීමට පෙර කරුණාකර මෙම උපදෙස් මාලාව හොඳින් කියවන්න.